හොල්මන් kathaa


+Sulanga:1775 days ago
මෙන් විස්වාසය. අවට සිටින මා මිතුරන්ගේ මුහුණු ඇකිලී ඇත්තේත් ,ඔවුන් බලාගත්වනම බලාසිටින්නේත් ඇයි දැයි කියා සිතාගැනීමට නොහැක. හිස කරකවා වටපිට බලන්නේ මා පමණද !!! \\\" සංජීව \\\" මා අසලින්ම සිටි මිතුරා දෙස බලා ආමන්ත්‍රනය කලද ඔහු‍‍ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම පුදුමයක් සේම මා සිත්හී ඇතිවුන භීතිය දෙගුන කිරීමටද හේතුවක් විය . \\\" සම්පත් , රජී , අඩෝව් කථා කරපං යකෝ මොනව හරි කරමු ගනිං ඔය ‍ගිණිපෙල්ලක් අතට ...... මොකෙක් හරි සතෙක් වෙන්න ඇති \\\"


+Sulanga:1775 days ago
එසේ කලේ හිත රවටා ගැනීමටය . තව මොහොතකින් මා මීට වසර පහලොවකට පෙර දුටු අප්‍රසන්න දසුන දකින්නට වෙන බව හොඳාකාරවම දනිමි . මා ඇමතුවේ අනිත් මිතුරන්ටය . නමුත් ඔවුන් නිසලය ........... වශීවී ඇති ආකාරයකින් ඔවුන් බලාගත් අතම බලාසිටී . කරන්නට දෙයක් නැතිකමින් සම්පත්ගේ උරහිසට තද පහරක් එල්ලකලේ ඔහුව නිද්‍රාවෙන් ගලවා ගැනීමටය . නමුත් අසාර්ථකය.


+Sulanga:1775 days ago
පඳුරු තැලෙන හඩු ඇසෙයි . අවදිව ඇත්තේ මා පමනි ........ තවත් සුලුමොහොතකි ....... වසර පහලොවකට පෙරදුටු අප්‍රසන්න රුව හොඳින් ගිණී එලිය නොඑන මුල්ලක පෙරලෙමින් දඟලනු පෙනින. මිතුරන් වශිවී හෝ භීතිය නිසා ගල්ගැසී ඇත . මා පමණක් මේ අමනුස්ස ග්‍රහණයට නතුනොවුයේ ඇයි . දහනවය කන්ද මුදුනේදී මහසෝනා මුණගැහුනු ආකාරයත් ගැලවුන ආකාරයත් තත්පර කීපයක කාලයකදී විදුලි කෙටුවාක්මෙන් සිහිවිය . අමනුශය ග්‍රහනයට මා නතුනොවන්නේ උපන් වෙලාව හා ගණය නිසා බව වෙද සීයා පැවසූ ආකාර


+Sulanga:1775 days ago
ආකාරයද ඒ සමගම සිහිවුන නමුත් මෙහිදී මා කලයුත්තේ කුමක්ද . මනස වසර පහලොවක් අතීතයට යන්නට ගතවූයේ සුලුමොහොතකි . එදා බෝදිලිමා අපේ මිදුලේ දර්ශනය වූ විට වෙද සීයා මැතුරුවේ කුමක්ද !!!\\\" ඒ සතා ආව වෙලාවේ මොනවද සීයේ කිව්වේ ඒ \\\"\\\" ඒක බොහොම බගතු මන්තරයක් පුතේ \\\"\\\" මටත් කියලා දෙන්නකෝ \\\"\\\" තව ලොකු වෙද්දි පුලුවං වෙයි නිකම්ම , දහම්පාසලට යද්දි උගන්නනවා \\\"\\\" මන්තර උගන්නවයැ දහම්පාසලේ \\\"\\\" මේක මන්තරයක්ම නෙවෙයි , ආරක්ශක පිරිතක් පුතේ රතන සූත්‍රය......\\\"


+Sulanga:1775 days ago
ඔවු රතන සූත්‍රය ........ එකල එම සූත්‍රය නොදැන සිටියත් පසු කාලීන දහම් අද්‍යාපනය සමග එය සෙල් ලිපියක් සේ මනසේ තැම්පත්වී තිබිනි . සැලෙමින් වේදනා දෙමින් ඳඟලමින් කෑගසන ගුලිය දෙස බලාගෙන රතන සූත්‍රය තොල් මැතිරෙන්නට ගත්තේ සිතාමතා නොවේ ..... මෙතෙක් වෙලා සෙමෙන් ඉදිරියට එමින් තිබූ ගුලිය නැවතුන අතර ආපස්සට පෙරලී යන්නට විය පඳුරු අතරින් එය අතුරුදන්වීමටත් වේදනා කාරී හඬ නැවතීමටත් ගත්වූයේ සුලුමොහොතකි . පසුව සියල්ල අඳුරුවිය.පසුදා අළුයම හිරු කිරන දිය ඇල්ලේ මුදුන

Post reply
Replies: 732 - Views: 13498
«PREV Next»
3/147

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024