හොල්මන් kathaa


+Sulanga:1758 days ago



+Sulanga:1758 days ago
කූඩාරම තුල එල්වූ ලන්තෑරුමේ මන්දාලොකයෙන් හා කඳවුර ඉදිරියේ දැල්වෙන ගිණිමැලයේ ආලෝකයෙන් මා දුටුවේ අප මඟපෙන්වන්නන් පවා භීතියෙන් තැතිගෙන සිටින ආකාරයයි . ඔවුන් අපගේ බලවත් ඉල්ලීම මත දින හතරක මේ ගමන සඳහා සහභාගී වු අහිංසක ගැමියන්ය . අඳුර හා මීදුම විනිවිද යමින් ඇසෙන්නේ කාගේ කුමන හඬද යන්න මාගේ මනසේ විදුලි කෙටීමට ගතවන්නට ඇත්තේ තත්පර කිහිපයකි . මින් පෙර එකවරක් පමනක් අසා ඇති ඒ භීතියේ හඬ, යලි කිසිදා නොසන්නට පැතූ ඒ මුසල හඬ යලිත් ඇසෙන්නට වීම අනෙකුන්ට වඩා මා සි


+Sulanga:1758 days ago
ඒ මුසල හඬ යලිත් ඇසෙන්නට වීම අනෙකුන්ට වඩා මා සිත සලිත කලේ . සොඳරිගෙන් දෙවන වරමක් ලැබීම සිදුවන දෙයක් නොවන බව කලකට පෙර වෙද සීයා පැවසූ වදන මනසේ හොල්මන් කරන්නට වීම නිසාය . බඩදරු අම්මා‍ කෙනෙක් විලිරුදාවෙන් නඟන හඩට නොව , සොඳරි ගේ හඬ සමාන වන්නේ විලිරුදාවෙන් මියෙන්නට දඟලන කාන්තාවකගේ හෝ පාපතරයෙකු විසින් ගෙල හිරකිරීම නිසා වේදනාවෙන් කෑගසන කාන්තාවකගේ හඬටය . සියළුම සංවේදී ඉන්ද්‍රියන් හිරිවැටෙන ආකාරයෙන් සිදුවෙමින් පවතින මුර ගෑම හමුවේ විනාඩි කීපයකට පෙර


+Sulanga:1758 days ago
කීපයකට පෙර පැවති නිසල විනෝදාස්වාදය පලාගොස් ඇත . කඳවුරු බිමේ පිරිමින්ම සත්දෙනෙකි . නමුත් ප්‍රතිමල්ලවයා මිනිසෙකු නොවේ !!!! ‍ කිසිවෙකු නොදුටු අමනුස්සයෙකි , නැත්නම් දුටු අයවලුන් සිහිවිකල් කලාවූ සත්වයෙකි . අපි කෙසේ නම් මීට මුහුණ දෙමුද !!! මයිලක් පමණ ඈතින් ඇසුන වේදනාකාරී හඬ ලං වෙමින් පවතී .බෝදිලිමා පහර දෙන්නේ එලෙ‍සින්ය . ඔය ඇසෙන්නේ අණතුරු ඇඟවීම විය යුතුය . සිංහල සේනාව එනවිට වැයෙන රණ බෙර ඇසුන පෘතුගීසින්වත් මේ තරම් අසරණ නෙවෙන්නට ඇත .


+Sulanga:1758 days ago
අප කිසිවෙකුටත් කථා කරගත නොහැකි තත්වයකට පත්වී ඇති සෙයකි . ගිණිමැලයේ ආලෝකයෙන් දිලෙන , මීටර් දහයක් පමණ ඈතින් ඇති ලඳු කැලෑවේ ආරම්භය දෙස සියල්ලෝම නෙත් යොමා සිටින්නේ කොයි මොහොතක හෝ පඳරු අතරින් එලියට ඇදෙන අපේ මරණය බලාපොරොත්තුවෙන්ද !!! මරණ භය , මිනිසෙකුට දැනෙන්නේ ජීවිතයේ අවස්ථා කීපයකදී පමණක් විය හැක . නැත්නම් අවසන් මොහොත තෙක් දැනෙන්නේ නැත. නමුත් අප මේ මුහුණ දී සිටින්නේ පිරිමින් සත් දෙනෙකුට මරණ භය දැනෙන මොහොතකටයි . ඒ දැනෙන්නෙත් උපරිමයට බව ඉර හඳ

Post reply
Replies: 732 - Views: 13466
«PREV Next»
2/147

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024