DJ_AMITH:
2185 days agoඒ අනුව ,
තම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඇති නිවෙස්වලින් ජන සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම හා එම නිවැසියන් සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරනවා දැයි සොයා බැලීම.
ආහාර නිෂ්පාදනය කරන පිරිස් හඳුනා ගැනීම
නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය
නිෂ්පාදන මිලදී ගැනීම
සලාක වශයෙන් ද්‍රව්‍ය සකස් කිරීම
නිවෙස්වලට බඩුබාහිරාදිය බෙදා දීම
අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක්
DJ_AMITH:
2185 days agoඅනපේක්ෂිත සිද්ධි වාර්තාකරණය හා කලමනාකරණය සඳහා ක්‍රමවේද සකස් කිරීම යන ශිර්ෂ යටතේ එම සංගමය මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම මෙය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් සකස් විය යුතු ය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ නිර්දේශය වේ.
DJ_AMITH:
2185 days agoදිගු කාලයක් නිවසට සිරවී සිටීමට සිදු වීමෙන් ජනතාවට ඇති විය හැකි මානසික ව්‍යාකූලතාවයන් මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මනුසත් දෙරණ සමඟ එක්ව ජනතාවට නොමිලේ උපදේශන සේවා සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
DJ_AMITH:
2185 days agoකොවිඩ් 19 වෛරස ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පල කර ඇති ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.
DJ_AMITH:
2185 days agoකොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලබන 7 වැනිදාට යෙදී ඇති බක් පුර පසලොස්වක පොහොය දිනයේදී නිවෙස් තුළම රැදී සිට ආගමික වත්පිළිවෙත් සිදුකරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.