KaLu KuHaRA [BLaCK HoLeS]


+Sulanga:3591 days ago
ushan oya magadi nawaththala. aparade ita passe achcharu wela


+DarkNigHt:3591 days ago
පෘථිවියෙන් හමුවූ අනිකුත් අඟහරු උල්කාෂ්ම වලට වඩා ඔක්සිජන් සහ ජලය සහිත කැබැල්ලක් විශේෂඥයන් සොයාගෙන ඇත. 2011 දී සහරා කාන්තාරයෙන් සොයාගත් මෙය ‘නෝත්වෙස්ට් ඇෆ්රිකා 7034’ ලෙස නම් කර ඇත. වසර බිලියන දෙකක් පැරණියයි ඇස්තමේන්තු කර ඇති බේස් බෝල් ප්රමාණයේ මෙම කැබැල්ල ‘බ්ලැක් බියුටි’ යන සුරතල් නමින් ද හැඳින්වේ. ගිණිකදු පිපිරීමක් නිසා සෑදී ඇති මෙම කැබැල්ල දෙවන පැරණිම අඟහරු උල්කාෂ්මයයි. නාසා හි අඟහරු යානා වන ස්පිරිට් සහ ඔපචුනිටි මගින්ද ජලය සහිත ඛනිජ සොයාගෙන ඇත. පෘථිවියේ ඇති අඟහරු ග්රාහක 65 ක් පමණ අතරින් වසර බිලියන 4 ක් පැරණි ඇලන් හිල්ස් 84001 හි පැරණි බැක්ටීරියා වල ෆොසිල ඇති බවට විශ්වාස කෙරේ. බෙහොමයක් ග්රාහක වසර බිලියන 1.3 පමණ පැරණි වන අතර අලූත සොයාගත් මිලියන 600ක් පැරණි කොටස අඟහරුගේ ගුසෙව් මධ්යයේ කොටසක් ලෙස සැලකේ. ජල සංතෘප්ත විද්යාඥයන් සොයාගෙන ඇති පරිදි මෙම උල්කාෂ්මය රත් කිරීමේදී කොටස් දසලක්ෂයකට 6000 ක් පමණ වන ජල ප්රමාණයක් පිටවී ඇත. ඔක්සිජන් සමස්ථානික සඳහා වූ පරීක්ෂණයෙන්ද අනෙක් අඟහරු ග්රාහක වලට වඩා ප්රතිඵල ලැබී තිබෙයිි. විද්යාඥයන් කියන්නේ කලකට පෙර අඟහරු මතුපිට ඔක්සිජන් තිබෙන්නට ඇති බවයි. මෙම කොටස අභ්යවකාශයේ සහ සහරාවේ තිබූ කාලය නිර්ණය කිරීමට දැන් කණ්ඩායම උත්සාහ දරයි.


+NeLakA:3591 days ago
මගේ මතය ගැන මොකද හිතෙන්නෙ dark.....


+DarkNigHt:3591 days ago
\\\"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා.\\\" අපි පසුගිය ලිපියේ පිටසක්වල ජීවීන් හා බැදුනු අතීතය ගැන කතා කලා.අතීතයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් ඒ රූප සටහන් සිතුවිල්ලකට අනුව නිර්මාණය කලා කියලා කියන්න බෑ.මොකද ඒ සිතුවම් එක් තැනකින් විතරක් නෙමේ ලෝකේ හැම තැනින්ම මේවා හම්බවෙලා තියෙන නිසා. අපි අදහන ආගම් වලත් මේ පිටසක්වල හා සම්බන්ද දේවල් තියෙනවා.අපි මේ දේවල් එතරම් තැකීමකින් සොයා බලන්නේ නැති නිසා අපිට ඒ ආගම් වල සදහන් වන දේවල් මග හැරෙනවා. ලෝකය මැව්වේ කවුද..?? බෞද්ධයන් හට නම් මෙම පිටසක්වල ගැන අලුත් දෙයක් නොවේ.එසේ වන්නේ බණ කතා වලදී බ්රහ්මලෝක,දිව්ය ලෝක ගැන හා දෙවියන්,බඹුන්,භූතය න් ගැනත් කියවෙන නිසාය.බෞද්ධ ඉගැන්වීම් වලට අනුව පෘතුවියට ජීවය ආවේ වෙනත් ග්රහලෝකයන ඉදන් කියලා අග්ගඤ්ඤ සූත්රයේ සදහන් වෙනවා. එමෙන්ම අප ගෞතම බුදුරජානන් වහන්සේ විශ්වය පිලිබද වගේම විශ්වයේ තිබෙන ලෝක පිලිබදව දේශනා කර ඇත.එසේ බුදු දහමට අනුව කරුණු දක්වා තියෙන මූලාශ්ර කිහිපයක්. 1.අංගුත්තර නිකායේ තිකනිපාතයේ ආනන්දවග්ගයේ චූලනිකා සූත්රය 2.දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්රය 3.අංගුත්තර නිකාය සප්ත සූර්යෝද්ගමන සූත්රය... 4.සංයුක්ත නිකායේ අරුණවතී සූත්රය 5.වෙනත් ලෝකවල ජීවීන්(භූතයන්) සමග සන්නිවේදනයක් සිදුවූ රත්න සූත්රය,කරණීය මෙත්ත සූත්රය. මේවායේ දැක්වෙන අදහස් නවීන විද්යාවෙන් ඔබට ගිය ඒවා බවට සදහන් කල යුතුමය. බුදුදහමේ විතරක් නොව ක්රිස්තියානි ආගමේද පිටසක්වල ගැන විස්තර වෙනවා.ලෝකය හා මිනිසා මැවූ දෙවියන් පිලිබදවත් ස්වර්ගය හා සාතන් පිලිබදවත් දැක්වෙන තොරතුරු පිටසක්වල හා සම්බන්ධ වී පවතින අයුරු දැක්විය හැකිය. එසේම හින්දු ආගමේද දැක්වෙන විවිධ වූ දේව කතා වල හා දෙවියන් ඇති වූ ආකාරය දැක්වෙන කතාවලත් පිටසක්වල හා සම්බන්ධවේ.මුස්ලිම? ?? ආගමට අනුව විශ්වය හා මිනිසා මවා ඇත්තේ අල්ලාහ් දෙවියන් විසිනි. මූලාශ්රය ජේ.ආර්. සමන් මංජුල මහතගේ පිටසක්වල ජීවය නැමැති පොත. (මෙම තොරතුරු මා දැක්වූයේ ආගම් වලට අගෞරව කිරීමට නොව,එම ආගම් වලත් මෙවැනි දෑ ඔබට පෙන්වා දැනුමට යමක් එකතු කිරීමටය.මෙම තොරතුරු වැරදි නම් සමාව අයැද සිටින අතර එය නිවැරදි කිරීමට උදව් වන ලෙසත් ඉල්ලා සිටිමි.) විශ්වයේ ග්රහලෝක මේ අවකාශයේ කෙරවලක්,ප්රමාණයක? ?? දැක්වීමට නවීන විද්යාවටත් නොහැකි වී තිබෙනවා.මෙම අනන්ත වූ අවකාශයේ පෘතුවිය ඇතුලු සෞරග්රහ මන්ඩලයත්,චන්ද්රය? ??්,සූර්යන්,මන්දාකි? ??ි අනන්ත වූ ප්රමානයක් පිහිටා ඇත. ග්රහලෝක හා තරු එකතු වීමෙන් ග්රහ මණ්ඩල තැනී තිබේ.එවැනි ග්රහ මණ්ඩල විශාල සංඛ්යාවක් එකතු වී මන්දාකිනි(Galaxy) තැනී ඇත. ඔයාලාට දැන් පැහැදිලි ඇති විශ්වය පිලිබද දල අදහසක්.මේ විශ්වයේ කුමන හෝ තැනක ජීවයක් පවතින්න හැකියාව ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇති.මෙසේ ජීවීන් සිටිනවා නම් ඔවුන් මෙලොවට එන්නේ නැත්තේ ඇයි යන ප්රශ්නය ඔබ මගෙන් ඇසිය හැක.එයට හේතු නම් අප පෘතුවිය අසල බුද්ධිමත් ජීවීන් සිටිනා ග්රහලෝකයක් සොයාගෙන නොමැත.එහෙත් පෘතුවියට ආලෝක වර්ශ දහස් ගනනකට එපිට ජීවීන් සිටිනා ග්රහලෝකයක් තිබෙන්නට පුලුවන.ආලෝක වර්ශයක් යනු අවුරුද්දක් තුල ආලෝකය ගමන් ගන්නා දුරයි.ආලෝකය තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරයි(තත්පරයකට සැතපුම් 186,000).මේ අනුව තත්පරයකට කිලෝමීටර් ලක්ෂ 3නක වේගයෙන් වසරක් පුරා ආලෝකය ගමන් ගන්නා දුර ආලෝක වර්ශයක් ලෙස හැදින්වෙනවා. උදාහරණයක් ලෙස අපගේ සූර්්යා වැනි වූ අපට ආසන්නයේ ඇති තාරකාව වන්නේ ඇල්ෆා සෙන්ටොරි නම් තාරකාවයි.එය පෘතුවියට ආලෝක වර්ශ 4ක දුරින් පිහිටා ඇත.දැනට මිනිසුන් සතු රොකටයේ උපරිම වේගය පැයට සැතපුම් 25000කි.එම වේගයෙන් ගමන් කලහොත් ඇල්ෆා සෙන්ටොරි වෙත යාමට අපිට වසර 240,000ක් ගත වේ.ආලෝකයේ වේගයෙන් ගමන් කලහොත් වසර 8ක් ගතවේ.මෙසේ පැමිනීමෙදී අති විශාල ඉන්ධන ප්රමානයකුත්,ආහාර? ??් ‍රැගෙන යා යුතු වේ.එසේ කලද ජීවියෙකුගේ ආයු කාලයද ප්රමානවත් නොවේ. වෙනත් ග්රහලෝකවල ජීවයක් පැවතිය හැකිද..?? 1997දී බ්රහස්පති ග්රහයායේ උප ග්රහයෙක් වන යූරෝපා චන්ද්රයා මත අයිස් තට්ටුවක් සොයා ගැනීමට ගැලීලියෝ යානය සමත් වී ඇත.ජලය ජීවයක් ඇති වීමට බොහො සෙයින් උපකාරී වන ද්රවයකි. බ්රහස්පතිගේ යුරෝපා චන්ද්රයා මත පමණක් නොව බ්රහස්පතිගේ දෙවන විශාලතම ග්රහයා වන කැලිස්ටෝ චන්ද්රයාගෙත් ජලය මේ වනකොට සොයාගෙන ඇත.කැලිස්ටෝ ඇතුලු චන්ද්රයන් 16ක් බ්රහස්පති ග්රහයාට ඇත.බ්රහස්පති ග්රහයා සූර්යාගේ සිට සැතපුම් මිලියන 484ක(කිලෝමීටර මිලියන 778) දුරින් පිහිටා ඇත. ඔබට කිවයුතු තවත් විශේෂ කරුනක් වන්නේ අපගේ ග්රහලොවට අයත් චන්ද්රයා මතද ජලය තිබෙන බව ලූනා ප්රෝස්පෙක්ටර් යානය විසින් සොයාගෙන ඇත.එම යානය විසින් ගන්නා ලද ඡායාරූපයකින් අනාවරණය වූයේ සදේ ධ්රැවයන් හී ජලය සහිත අයිස් කැට තිබෙන බවය. තවද පෘතුවියට ආලෝක වර්ශ 20.5ක දුරින් පිහිටා ඇති පෘතුවියට සමාන ග්ලීස් 581සී නම් ග්රහලොවක් සොයා ගැනීමට 2007 දී විද්යාඥයෝ සමත් විය.මෙය අප ලොවට සමාන ප්රමාණයකින් හා සමාන උශ්නත්වයකින් පිහිටා ඇත. මෙම මස සොයා ගන්නා ලද පෘතුවියේ නිවුන් සහෝදරයා වන කෙප්ලර්22බී(Kepler 22b) නම් ග්රහයාගේද ජීවීන් පැවිතිය හැකි බව අනාවරණය කරගෙන ඇත.මෙය පෘතුවියට වඩා ආලෝක වර්ශ 600ක දුරින් පිහිටා ඇත. අගහරු ලොවේ ජීවීන් සිටිය හැකිද..?? බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම අගහරු ලොවේ කුරුමිටි ජීවීන් පිරිසක් පියාබන පීරීසි වල නැග පොලවට පැමිනෙන බවය.එහෙත් වර්ථමානයේ අනාවරණය කරගෙන තිබෙන්නේ එසේ ජීවීන් පිරිසක්වත් පියාබන පීරිසි වත් අගහරු ග්රහයා තුල නැති බවයි. නමුත් මීට වසර 13000කට පෙර වල්ගා තරුවක සමග හැපුනු අගහරු ග්රහයාගේ පස් කුට්ටියක් අපගේ වායුගෝලයට ඇතුලුවී ගිනිගෙන දැවෙමින් ඇන්ටාටිකා මහද්වීපයට වැටුනු බව විද්යාඥයෝ විශ්වාස කරයි.එසේ වන්නේ ඒ පස් කැබැල්ල 1984දී ගවේශක කණ්ඩායමක් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.එය ALH 84001 ලෙස හැදින්වේ. මෙය 1993දී වයිකින් යානය අගහරුගෙන් ගෙන ආ පස් සමග සමාන විය.මෙම පස් කුට්ටිය තුල තිබූ මිය ගිය කුඩා බැක්ටීරියා ‍රැසක් සොයා ගැනීමෙන් විද්යාඥයෝ අගහරු ග්රහයා පිලිබද වැඩි වශයෙන් පර්යේශන කරන්නට විය. පිටසක්වළ ජීවීන් සෙවූ විවිධ ව්යාපෘති දැනට මිලියන 4.5ක අතීතයක සිට පරිණාමය වූ මිනිසා වර්තමානය වන විට මිහිතලය මත දිටුනු ශිෂ්ටාචාරයක් ගොඩ නගා ඇත.එය වර්තමාන පුරා විද්්යා ගවේශනවලට අනුව මිලියන 10කටත් වඩා එපිට බව හෙලිවෙයි.එතරම් දීර්ඝ කාලයක් තුල පෘතුවියේ මෙන් වෙනත් ග්රහලෝවක දියුනු ශිෂ්ටාචාරයක් ඇති වීමට බොහො සෙයින් ඉඩ කඩ තිබේ. සෙටී ව්යාපෘතිය මෙය පිටසක්වල ජීවීන් සෙවීම පිලිබද ආරම්භ වූ පලමු ව්යාපෘතියයි.එය 1961 වර්ශයේ ආරම්භ විය.එවකට සිටි විද්යාඥයෙකු වූ ෆ්රෑන්ක් ඩ්රේක් විසින් මෙය ආරම්භ කරන ලදී.මෙය SETI(Search for Extraterrestrial Intelligence) ලෙස හැදින්වේ.මෙම ව්යාපෘතියෙන් බලාපොරොත්තු වී ඇත්තේ පිටසක්වලකින් ලැබෙන රේඩියෝ තරංග පණිවිඩයක් ලබා ගැනීමයි.කෙසේ වෙතත් මෙම ව්යාපෘතිය සැලසුම් කල සමුලුවේ මෙය ආරම්භ කල විද්යාඥයා වූ ෆ්රෑන්ක් විසින් සමීකණයක් ඉදිරිපත් කරන ලදී.මෙයික් කියවෙන්නේ විශ්වයේ කොතනක හෝ ඉන්නා බුද්ධිමත් ජීවීන්ගේ සංඛයාවයි. N =විශ්වයේ තිබෙන බුද්ධිමත් ජීවීන් සිටින ශිෂ්ටාචාර ගනණ (The Number of Civilizations in our Galaxy With Which Communication Might be Possible) R =ජිවයක් ඇතිවීමට සුදුසු තාරකා ගනන(The Average Rate of Star Formation Per Year in Our Galaxy) Fp = එම තාරකාවන්හි ග්රහලෝක පිහිටා ඇති ප්රමාණය (The Fraction of Thous Stars That have Planets) Ne = එම ග්රහලෝකයන්හි ජීවයට සුදුසු පරිසරයක් සහිත ග්රහලෝක ප්රමාණය (The Average Number of Planets That can Protentially Support Life per Star That has Plants) Fl = ජීවය නියත වශයෙන්ම තිබෙන ග්රහලෝක ප්රමාණය (The Fraction on the above that Actually go on to Develop Life at Some Point) Fi = එම ජීවයන් සහිත ග්රහලෝකයන් අතරින් බුද්ධිමත් ජීවීන් ජීවත් වන ග්රහලෝක ප්රමාණය (The Fraction of the Above that Actually go on to Develop Intelligent Life) Fc = එම බුද්ධිමත් ජීවීන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ග්රහලෝක ගනන (The Fraction of civilizations that Develop & Technology that Releases Detectable signs of their exist tence in to Space) L =එ වැනි ජීවීන්ගේ ආයු කාලය(The Lengh of time such civilizations Release Detectable signals in to space) මෙය විසදීමට බොහොදෙනෙකු උත්සහ දරා ඇත.ලැබූ පිලිතුර වන්නේ10,000ය.එනම් විශ්වයේ බුද්ධිමත් ශිෂ්ටාචාර 10,000කට වඩා වැඩි විය යුතුය.නමුත් මෙය 0 වීමටද හැකිය.කොසේ වෙතත් මෙහි ඇති අඩු පාඩු පෙන්වා දීමට තවමත් කිසිවෙකුත් ඉදිරිපත් වී නැත. මෙම ව්යාපෘතිය යටතේ විවිධ රේඩියෝ සංඥ පටිගත කල නමුත් ඒවා පිටසක්වල සංඥ ලෙස ග්රහනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.මෙම ව්යාපෘතිය යටතේ ද ශාඛා කිහිපයක් ක්රියාත්මක වේ.ඒවා නම් බෙටා -BETA මෙටා -META ෆීනික්ස් -PHEONIX සෙරන්ඩිප් -SERENDIP වේ. පිටසක්වල ජීවීන්ට අපෙන් පණිවිඩයක් මිනිසා විසින් නිපදවන ලද සෞරග්රහ මණ්ඩලය හරහා මෙතෙක් වැඩිම දුරක් ගමන් කල යානාව වන්නේ පයිනියර් 10 නම් යානාවයි.මෙය 1972 මාර්තු මස 3 වන දින ගමන් ආරම්භ කරන ලදී.බ්රහස්පති වෙත ගොස් එහි ඡායා රුපයක් පලමුව එවූ යානාවද වන්නේ මෙයයි. මේ වනවිට මෙම යානාව පෘතුවිය සමග සම්බන්ධය නැතී වී තිබේ.ඒ යානාවේ පිරිහී ගොස් තිබෙන විදුලි බලය නිසාය.නමුත් මෙයතුල පෘතුවියෙන් පිටසක්වල ජීවීන් පිරිසකට යවන පණිවිඩයක්ද ඇතුලත් වේ.එය අගල් 9ක් දිග හා අගල් 6ක් පලල රන් ආලේපිත ඇලුමීනියම් තහඩුවකි.එය මෙම යානයේ සවි කොට ඇත. එය විනාශ නොවී යම්කිසි බුද්ධිමත් ජීවීන් පිරිසකට හමු වුවහොත් මෙම යානාව පැමිනියේ සෞරග්රහ මණ්ඩලයේ කුමන ග්රහලෝකයක සිට දැයි දැක්වෙන අතර මිනිසා හදුනා ගැනීමට පිරිමියෙකුගේ සහ කාන්තාවකගේ රූපද මෙයට ඇතුලත් කර ඇත.මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ තාරකා විද්යාඥයෙකු වූ කාල් සේගන් මහතා විසිනි. නවීන තාක්ශනය කොතරම් දියුණු වූවත් අපිට තවම මිනිසෙකු යැවිය හැකි වී තිබෙන්නේද අප චන්ද්රයාට පමණි.අගහරු වෙත මිනිසුන් යැවීමේ ව්යාපෘතිය තවමත් සකස් වෙමින් පවතී.කෙසේ වෙතත් මිනිසා නොදියුනු ජීවියෙකු යැයි සැලකීමට නොහැක.මන්ද අපගේ තාක්ෂණය තවමත් දියුණු වෙමි පවතින නිසාය.


+DarkNigHt:3590 days ago
මෙසේ ජීවීන් සිටිනවා නම් ඔවුන් මෙලොවට එන්නේ නැත්තේ ඇයි යන ප්රශ්නය ඔබ මගෙන් ඇසිය හැක.එයට හේතු නම් අප පෘතුවිය අසල බුද්ධිමත් ජීවීන් සිටිනා ග්රහලෝකයක් සොයාගෙන නොමැත.එහෙත් පෘතුවියට ආලෝක වර්ශ දහස් ගනනකට එපිට ජීවීන් සිටිනා ග්රහලෝකයක් තිබෙන්නට පුලුවන.ආලෝක වර්ශයක් යනු අවුරුද්දක් තුල ආලෝකය ගමන් ගන්නා දුරයි.ආලෝකය තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරයි(තත්පරයකට සැතපුම් 186,000).මේ අනුව තත්පරයකට කිලෝමීටර් ලක්ෂ 3නක වේගයෙන් වසරක් පුරා ආලෝකය ගමන් ගන්නා දුර ආලෝක වර්ශයක් ලෙස හැදින්වෙනවා. උදාහරණයක් ලෙස අපගේ සූර්්යා වැනි වූ අපට ආසන්නයේ ඇති තාරකාව වන්නේ ඇල්ෆා සෙන්ටොරි නම් තාරකාවයි.එය පෘතුවියට ආලෝක වර්ශ 4ක දුරින් පිහිටා ඇත.දැනට මිනිසුන් සතු රොකටයේ උපරිම වේගය පැයට සැතපුම් 25000කි.එම වේගයෙන් ගමන් කලහොත් ඇල්ෆා සෙන්ටොරි වෙත යාමට අපිට වසර 240,000ක් ගත වේ.ආලෝකයේ වේගයෙන් ගමන් කලහොත් වසර 8ක් ගතවේ.මෙසේ පැමිනීමෙදී අති විශාල ඉන්ධන ප්රමානයකුත්,ආහාර� ��් ‍රැගෙන යා යුතු වේ.එසේ කලද ජීවියෙකුගේ ආයු කාලයද ප්රමානවත් නොවේ.

Post reply
Replies: 547 - Views: 91162
«PREV Next»
109/110

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026