DJ_AMITH:
2184 days agoඇහැලියගොඩ - අවිස්සාවේල්ල මාර්ගයේ උඩුමත්ත ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
ත්‍රිරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇහැලියගොඩ රෝහලටඇතුළත් කර පසුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
DJ_AMITH:
2184 days agoකොවිඩ් 19 ආසාදනයවීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කෙරුණේ ඊයේ දිනයේදීය.
කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ
DJ_AMITH:
2184 days agoමහමැතිවරණය නොපවත්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ දිවයිනේ පළාත් 9ට මේජර් ජනරාල්වරුන් 9 දෙනෙකුත් දිවයිනේ දිස්ත්‍රික්ක 25ට බ්‍රිගේඩියර්වරුන් 25 දෙනෙකුත් පත්කර සියලුම දේශපාලනඥයින් පාලනයෙන් ඉවත්කර රට පත්වාගෙන යායුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිම් මට්ටම තුළ අතිශයින් ජනප්‍රිය වී ඇති බව වාර්තා වේ.
DJ_AMITH:
2184 days agoකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඇරඹීමෙන් පසු චීනය තුළ එකම මරණයක් හෝ වාර්තා නොවුණු දවසක් ලෙස ඊයේ (06) දින චීනයේ කොරෝනා දිනපොතට එක්ව තිබේ.
DJ_AMITH:
2184 days ago183/6
දැන් ලකුණු ඇති කඩුලු ටික රැක ගැනීමට නම් කරැණාකර
ගෙදර ඉන්න
Covid 19