හොල්මන් kathaa


+Sulanga:1947 days ago
මොකෙක් හරි එකෙක් ලග ඉදන් ඇගිල්ලෙන් ඇහැට ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි . තද වැස්ස නැවතිලා තිබුනත් ඝණ සැරේට මීදුම මදිවට පට්ටම හීතලයි ........... මාමාට දෙන්න කියල දීපු රෙරන්කෝට් එක බෑක් එකෙන් එලියට අරන් ඇද ගත්ත .ෆෝන් එ‍කේ ටෝච් එක ඔන් කරන් මහ පාරෙන් ,අඩි පාරට අඩිය තිබ්බේ මෙච්චරවෙලා නැවතිලා තිබුන වැස්ස විදුලිකොට කොටම ආයෙත් පටන් ගන්නවත් එක්කමයි .


+Sulanga:1947 days ago
වෙලාව රෑ දහයට නැත්තං දහය හමාරට විතර ඇති . ඔන්න දැන් \\\"කොල්ලෙක් රෑ දහයට කොල්ලෙක් මහ වැස්සේ පාළු තේ වත්තක් මැද්දේ , මනුස්ස පුළුටක්වත් හොයාගන්න නැතුව \\\" ,බො‍හොම ඈතින් තිබුනු ලැයිම් පේලියක තිබුන ගෙදරකින බේරිලා එන චිමිනි ලාම්පු එලියක් හැරුනම ඇහැ නිවා ගන්න කිසිම දෙයක් නෑ .සැරින් සැරේට පලාතම දම්පාට කරගෙන මතුවෙලා නැතිවෙන විදුලි එළී වලින් ,තේවත්ත මැද්දේ තිබුන මාර ගස් පෙනුනේ මගේ ඇගට පනින්න බලාන ඉන්න රාක්ෂයො විදිහටයි . කාලෙකට කලින්, මං ගමේ ඉස්කොලෙට යන කාලේ මේ වත්ත ඇතුලේ මාර ගහක එල්ලිලා මැරි


+Sulanga:1947 days ago
මැරිල හිටපු , ඉස්කෝලේ ඇරිල එන කොල්ලෙක් හොයගත්තු දෙමල කෙල්ලව මගේ මතකෙට ආවේ මේ වගේ විදිහට වටපිටාව හැදිල තියෙන කොටයි. මොන තරම් හිත හයිය වුනත් ඒ වෙලාව වෙනකොට මට සැරින් සැරෙට පිටිපස්සටත් ටෝච් එක ගහල බලන්නේ නෑතුව යන්න හිත දුන්නේ නෑ . .... ඔළුව යකාගේ කම්මල වගේ වෙලා තිබ්බ ඒවෙලාවේ කෝල්කරපු පියුමි නංගිට පින් සිද්ද වෙන්න ඔනේ , \\\" චූටි අයියේ කොහෙද හලෝ ඉන්නේ ??? අද එන්නේ නැද්ද ..... 11.00 ත් වෙලා \\\" \\\" ඔහොම ඉන්නව ! මං මේ මග ............... 19යේ මුදුනේ ඉන්නේ \\\" \\\" මොනව !!!!!! පිස්සුද හැබෑටම මේ මහරෑ


+Sulanga:1947 days ago
කැලෑවල රිංගන්න. \\\" \\\" ඉන්න ඉන්න දැන් එනව \\\" \\\" අනේ..... වල් ඌරෙක් පැනපිය ඉස්සරහට ...... එලිවෙනකං ගහක් උඩ ඉන්න \\\" \\\" තුහ් ...... නොදකින් විතරක් කට !\\\" \\\" හී හී.......... ඉක්මනට එනව පරිස්සමෙන් \\\" දැන් හිතට ෆිට් ...... ඔනේ අට මගලක් කියල ආයෙත් යන්න පටන් ගත්ත . කොහොමෙන් කොහොම හරි ....... දහ නවය තේ වත්තේ මුදුනට ආවා ...වෙලාව දොලහට කාලයි .වැස්ස නැවතුනත් පොද ගහනව ..... කන්ද මුදුනට පය තියපු වෙලාවේ ඉදන් මහ අමුතු විදිහට සීතල වැඩිවුනා, මල මිනියක් බදාගෙන ඉන්න සයිස් එකට


+Sulanga:1947 days ago
සයිස් එකට සීතලයි , කටින් දුම් පිටවෙන ගානට ...... මේතරම් සීතලක් මෙච්චර වෙලා තිබුනේ නෑ ,තව විනාඩි දහයක ගමනක් තමයි ඉතුරුවෙලා තියෙන්නේ . මුදුනට වෙලා ටිකක් හිටපු මං ආයෙත් ගමන පටන් ගත්ත .ඒත් වැඩි වෙලාවකට නෙවෙයි,ඒ මෙච්චරවෙලා ආපු අඩි පාර හරස් කරගෙන පර්වථයක් වගේ මගේ දිහා බලාගෙන හිටපු මී හරකෙක් නිසා .අයාලේ යන උන් නැති වුනත් මී හරක් අපේ ගමට අළුත් ස‍ත්තු ජාතියක් නෙවෙයි , එත් තේ වත්තක් මැද්දේ මී හරකෙක් !! ටිකක් අමුතුයි , මොකද උන් කොළ කන්න කැමති සත්තු ජා‍තියක් නෙවෙන නි

Post reply
Replies: 732 - Views: 14152
«PREV Next»
28/147

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024