හොල්මන් kathaa


+Sulanga:1947 days ago
ටවුම මැද්දේ එල්ලලා තියෙන මලානික ලයිට් එකේ එලිය නොදකින්න ‍කුරුදුවත්ත හන්දිය පහුවුන බවට කිසිම සාක්ශියක් හොයා ගන්න බැරිවෙන්න ඕන තරම් ඉඩ තිබුනා.අන්තිම පාරට වෙලාට බලනකොට රෑ 8.30 යි , එකියන්නේ දැන් නවයට විතර ඇති. උදේ ඉදන් එකදිගටම වැටෙන වැස්සට තවම හතිවැටිල නෑ, අඩියක් දෙකක් එහායින් ඉන්න එකා නොපෙනෙන තරමට මීදුම , ඒකත් මගේම කරුම වෙලාව තමයි . \\\" ගල්වල හන්දිය බහින අය ඉස්සරහට එන්න \\\" සී.ටී.බී බස් එකේ ටකරන් වහලෙව වැටිල වේදනාවේන කෑගහන වැහිබින්දුවල සද්දේ අස්සෙන් ,කොන්දොස්තර කථාකරපු සද්දේ ඇහුනේ හරි


+Sulanga:1947 days ago
හරියට පොඩි හාමුදුවෝ කෙනෙක් සෑහෙන දුරක ඉදන් කියන කවි බනක් වගේ සීරුවට . පලාතම මීදුමේ ගිලිල තියෙන අස්සේ මං ඊළගට නවත්තන තැන්නි බස් එකෙන්,රෙදි පුරවපු බෑග් එකත් අරන් බහින්න ඔනේ .කුඩේක වටිනා කම තේරෙන්නේ දැන් තමයි .


+Sulanga:1947 days ago
එදා හවස් වරුවේ කොළඹින් ගම්පොල බස් එකට නගිනකොට පටන් ගත්තු වැස්ස මගෙත් එක්කම ගම්පොලට ඇවිත් ...... තවමත් මගෙත් එක්කමයි .හයයි කාළට ගම්පොලින් පිටත්වෙන උඩුවැල්ල බස්එක මග ඇරුනෙත් ඊට පස්සේ අට වෙනකන් ගම්පොල ඩිපෝවට වෙලා වෙව්ල වෙව්ල ඉන්න උනෙත් මේ කාලකන්නි වැස්ස නිසාම තමයි . අටට විතර ආපු ලදරම් බස් එකට නැගල මුල්ලක් අල්ලගෙන ඉදගෙන බලාගෙන හිටියේ, වැහි පොද සැරේට දියවෙන්නේ නැතුව ඉන්න දගලන ගම්පොල ස්ටේශන් එකේ නාම පුවරුව දිහා, කිසිම හැගීමක් නැති හිස බවක් ඒ වෙනකොටත් මාට වටකරගෙන ඉවරයි .මං ඇරුනම මුලු බස


+Sulanga:1947 days ago
.මං ඇරුනම මුලු බස්එකටම හිටියේ ‍තව දෙන්නෙක් විතරයි. \\\" ලෝකානන්ද පන්සල ගාවදි කියන්ට පුතේ \\\" මගේ ඉස්සරහින් හිටපු වයසක අම්ම කොන්දොස්තරට කියනව ඇහුනේ බොහොම ලාවට . මගදි කිසට කෙනක් බස් එකට ගොඩ වුනෙත් නෑ .ගම්පොල නාවල පිටිය පරන පාරේ මුල්ලකට වෙන්න තියෙන ගම්පොඩ්ඩක තමයි අපේ මහ ගෙදර තියෙන්නේ.


+Sulanga:1947 days ago
බහින තැනටත් ආවා , දවාලටත් පාළුවට තියෙන අංක 19 තේ කෑල්ල ලග තමයි ගල් වල හන්දිය තියෙනන්නේ , කුරුදුවත්ත ( කොළඹ එක නෙවෙයි ) ටවුමේ ඉදන් ගමට යන්න අපූරු තාර පාරක් තියෙන වුනත් ....මගදි හම්බවෙන සොහෙන් පිට්ටනිය පහුකරන් යන්න හිතේ තියෙන බය නිසාම මං තෝරගත්තේ මේ 19 තේ කෑල්ල හරහා ගමට යන්න පුළුවන් අඩිපාර . තේරීම වැරදී කියයල හිතුනේ බස්එකෙන් බිමට අඩිය ති‍යපු වෙලාවෙමයි , ඒත් දැන් පරක්කු වැඩී.

Post reply
Replies: 732 - Views: 14149
«PREV Next»
27/147

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024