SiThA NiWaNa BuDu BaNa
IshAaaN:
2519 days ago 
IshAaaN:
2519 days ago 
IshAaaN:
2519 days ago 
IshAaaN:
2519 days ago
රජගහනුවර සුප්පබුද්ධ නම් අයෙක් විය. මොහුගේ සිරුර සෑම තැන පැතුරුණු දද රෝගයෙන් පෙළේ. කැසීම්, පලුනැගීම්, ලේ සැරව වැගිරීම් සහිත වූ මොහුගේ සිරුර ඉතා අපිරිසුදු ය. මොහු කුලයෙන් උසස් වූවත් එවන් පෙළීම් නිසා කාගේවත් ප්‍රසාදය නැත්තේ අන්ත අසරණ විය. එහෙයින් මොහුගේ නමට “කුට්ඨි” (කුෂ්ට) යන්න ද එකතුව “සුප්පබුද්ධ කුට්ඨි” නම් විය. එහෙත් මොහු තුණුරුවන් විෂයෙහි ඇදහිලි ඇත්තෙකි. බණ අසන්නට ඇලුණෙකි.
දිනක් බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී අන් අය තමා පිළිකුල් කරන හෙයින් කෙළවරක හිඳ ධර්මය අසන්නේ පෙර පින් ද මතුව සෝවාන් ඵලයට පත්වූයේ ය. කුෂ්ට රෝගය හේතුවෙන් පුහුදුන් පිරිස මොහු වැද්ද නොගත් හ. නමුත් ආර්ය පිරිස අතරට වැද්ද ගැනුණේ ය. සෝවාන්ඵලය දහමෙහි හඳුන්වනුයේ “සම්බෝධිපරායණ” නම් විශේෂණ පදය යොදා ය. එනම්, අනිවාර්යයෙන් මෙතැන් සිට මෙවන් ඵලලාභියකු එක් උප්පත්ති වාරයකදී හෝ ආත්මභාව දෙක හෝ හය අතර (කෝළංකෝල) හෝ හත්වන ආත්ම භාවයේ දී (සත්තකඛතතුං) හෝ අටවෙනි ආත්මභාවයට නොගොස් (න තෙ – භවං අට්ඨමං) පරමශාන්ත නිවන සාක්ෂාත් කරන්නේ ම ය යනුයි. මොහුට දැනුන මේ උසස් ගුණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙතින් සනාථ කරගනු පිණිස බණ ඇසූ පිරිස ඉවත්ව යනතෙක් කල්මරද්දී සක්දෙව් රජු මොහු විමසනු පිණිස අහසෙහි සිටම මෙසේ කී ය. “සුප්පබුද්ධය, ඔබ මිනිසුන් අතර දිළින්දෙකි. මිනිස් දීනයෙකි. මම ඔබට අප්‍රමාණ ධනය දෙන්නෙමි. ඒ සඳහා ඔබ මෙසේ කිව යුතු ය. බුදුන් බුද්ධ නොවේ. ධර්මය ධර්මය නොවේ. සංඝයා සංඝයා නොවෙයි. මට බුදුන් ගෙන් හෝ ඒ ධර්මයෙන් හෝ ඒ සංඝයාගෙන් හෝ වැඩක් නැතැයි”කියවයි කී ය. මෙවිට සුප්පබුද්ධයෝ “ඔබ කවරෙක් දැ”යි ඇසී ය. “මම ශක්‍රයා වෙමි”. අන්ධබාල, විලිලජ්ජා නැති තෝ මා සමඟ කථා කිරීමට පවා නොහොබින්නෙකි. තෝ මා දිළින්දෙක් යැයි කියයි. මා එසේ නොවේ. මහත් ධනයකට හිමිකම් ලැබුවෙක්මි. මට මේ ධර්මය තුළ සප්තවිධ ධනයක් ඇත.
ශ්‍රද්ධාව නම් ධනය මට ඇතැයි කීය. සෝවාන් ලාභියකු හට පිහිටන්නේ තුණුරුවන් කෙරෙහි නොසෙල්වන (අචල) කාටවත් වෙනස් කළ නොහැකි ශ්‍රද්ධාවකි. සීලය නම් ධනය ඇත. හිරිධනය (පව්කිරීමට ලජ්ජාවීම) ඔත්තප්ප ධනය (පව් කිරීමට භය වීම) සුත ධනය (ධර්මය බොහෝ අසා ඇති බව) චාග ධනය (ත්‍යාගශීලිබව - අත්හැරීම) හා පඤ්ඤා නම් (ප්‍රඥාව) ධන ඇත. මෙවන් ධන ඇත්තෙකු දිළින්දෙකු නොවන බව බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවයි. ඔහු මෙසේ කියද්දී සක්දෙව් රජු ඔහු අතහැර දමා භාග්‍යවතුන් වහන්සේ හමුවට ගොස් මේ සියලු කාරණා දන්වා සිටියේ ය. (සක්දෙව් රජු ද අපේ ධර්ම විස්තර වල දක්වා ඇති පරිදි සෝවාන් ඵලලාභියෙකි) ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ශක්‍රය, සියදහස් ගණනින් එක්ව කීවත් සුප්පබුද්ධ ලවා එවැන්නක් කියවා ගත නොහැක්කේ යැයි වදාළ සේක. අනතුරුව සුප්‍රබුද්ධ ද බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් පිළිසඳර කථා කොට සතුටුවෙමින් අසුනින් නැගිට මගට බැස්සේ අලුත වැදූ දෙනක් පැමිණ ඇණ ඔහුගේ දිවි තොර කළා ය.
මෙහි දී බොහෝ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් සුප්‍රබුද්ධගේ මරණය පිළිබඳව දන්වා ඔහුගේ උපත කෙසේ ද? මරණය එසේ සිදුවන්නට හේතු හා කුෂ්ට රෝගියෙකු වීමේ හේතු විමසූයේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. සෝවාන් ඵලයට පත්ව සිටි ඔහු තව්තිසාවේ උපන් බවත්,තක්සිලාවේ රජු පුක්කුසාති කුලපුත් බාහිය දාරුචීරිය, තබ්බදාඨිකචෝරඝාතක හා මේ සුප්‍රබුද්ධ කුට්ඨි යන මේ සතර දෙනා පෙර සිටුපුත්ව සිටි කලෙක කාන්තාවක් ගෙන උයනට ගොස් තෑගි බෝග - මිල මුදල් දී දවසක් ම ඇස සමඟ හිඳ, සවස මෙතැන කවුරුත් නැත, අප දුන් තෑගි බෝග හා මිල මුදල් ආපසු ගෙන මැය මරා දමා යමු’යි කතිකා කළෝ ඇයට එය ඇසිණි. මොවුහු නිර්ලජ්ජිතෝ ය. මා මරා දමනු කැමැත්තෝ ය. එසේ කළහොත් මම යකිනියක් ව අද මා මරා දමන්නාක් මෙන් මොවුනුත් මරා දැමීමට සමර්ථ වෙම්වා’යි සිතී ය. ඔවුහු ඇය මරා දැම්මහ. ඇය ද එසේ ම ප්‍රාර්ථනා කළා ය. ඒ අනුව මෙසේ සියයක් සියයක් අත්බැව්හි මේ අයුරින් මරණය සිදු වූ බවත්, පෙර “තගරසිඛී” නම් පසේ බුදුරජු සිවුරු පොරවා වඩිනු දැක කුෂ්ඨ රෝගීව එසේ පොරවා යතැ යි සිතා කාරා කෙළගසා උන්වහන්සේට නින්දාකළ පවින් බොහෝ කලක් නිරයෙහි ඉපිද දුක් විඳ කර්ම විපාක ශේෂයෙන් මෙකල ද කුෂ්ඨ රෝගියෙකු වූ බවත් වදාළ සේක්හ.
යමෙක් පව් කම් කරන්නේ ද? එය තමාට තමා හතුරුකම් කර ගැනීමකි. එහෙයින් තමා තමාට මිතුරු නම් – ප්‍රිය නම්, කවරෙකුවත් කිසි විටෙකත් කුඩා පවකුදු නොකරන්නේ ම ය. නොකළයුතු ය.
IshAaaN:
2518 days ago 
Post reply
Replies: 2106 - Views: 1446647
«PREV Next»
394/422
First Page
Last Page

AraWap.net 2003-2026